….කලවම් කළ යුත්තේ මොනවාද?….
උතුරේත්, නැඟෙනහිරත් සිංහළ පවුල් ගෙන ගොස් පදිංචි කරවීමේ කාර්යය රජය අප්‍රමාදව ඇරඹිය යුතුය..දැන් එල්.ටී.ටී.ඊ ය සහ මුලින්ම වැනසී ඇති හෙයිනුත්, ත්‍රිවිධ හමුදා ඒ පෙදෙස් වල මනා ලෙස සංවිධානය වී ඇති හෙයිනුත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන බිය වන්නට සදිසි කරුණු කිසිවක් නැත..සුළු ජාතීන්ට “නිජබිම් සංකල්ප” රෝගය බෝ වන්නේ, ඒ ඒ පෙදෙස් සිංහළ පුළුටකින් වත් තොරව වැඩි කාලයක් ඔවුන්ගේ භුක්තියේ තිබෙන්නට හැරීමෙනි..ඉදින් එම ප්‍රදේශ වල දමිළ-මුස්ලිම් ජනයාට හරි හරියට සිංහලයන්ද සිටී නම් කල් යත්ම සුළු ජාතීන්ට වැළඳෙන “මේවා අපේ නිජබිම්ය..මේවා අපට දියව්” රෝගය නිෂ්ඨාවටම සුව වනු ඇත..
ත්‍රස්තයන්ගෙන් පහර කා ගෙනත්, ඔවුන්ගෙන් හිස් ගැසුම් ලබද්දීත්, පවුල් පිටින් කැති ගා දමද්දීත්, මව පියා සොයුරු සොයුරියන් නිදි පැදුරෙන්ම පරලොව යවද්දීත්, දකුණේ රජය නිදි කිරද්දී, එඩිතර සිංහලයන් දවාලට අල තම්බාගෙන කා, රාත්‍රියට නිදි වර්ජිතව, නිරාහාරව කැලෑ වැදී සැඟවී සිට හෝ එවකට “මායිම් ගම්මාන” ලෙස නම් කරන ලද, “සාලිය පුර, වැලිකන්ද, ගජබා පුර, දිඹුලාගල” ආදී ගම්මාන වල සිංහල සෙවනැල්ල හෝ රැක ගැනීමේ වටිනාකම පසු ගිය අවසන් සටනේදී ත්‍රිවිධ හමුදාවන්ටම පැහැදිලි වූ බවට සැක නැත..
යුද්ධයෙන් පසුව මුඩු ඉඩම් විශාල වශයෙන් රජය සතුව පවතින හෙයින් ඒවා දකුණේ දේපළ රහිත සිංහළයන්ට බෙදා දීමට බාඪාවක් නැත..කෙටියෙන් කියතොත්, උතුරු නැගෙනහිර දෙපළාතේ හමුදා විසින් මුදා ගත් ඉඩම් අක්කර දහස් ගණනක් මේ ගණයට අයත් වේ..(ඇතැම් විට ඒ පලාත්වල සමස්ථ වපසරිය ගෙන බලන කල මේ ගණය බහුතර ගණය වීමටද ඉඩ තිබේ) දැන් මේ ඉඩම් වලට අයිතිකරුවන් නොමැත..වල් වැදී, වන වැදී ඇති ඉඩම් සඳහා අයිතිකරුවන් සිටියේද නැත…සිටියත් තිස් වසරකට පසුව මේවායේ හිමිකම් දනවන ඔප්පු තිරප්පු මොන ලෝකේදැයි කියන්නට කිසිවෙකුත් නැත..දකුණේ විරැකියාවෙන් පෙළෙන හෝ ඉඩ කඩම් නොමැති කම නිසා දරිද්‍රතාවයෙන් පෙළෙන, එම නිසාම ඇතැම් විට නොමඟට යොමුව සිටින අසරණ සිංහල පවුල් වලට අත දිග හැර මේවා බෙදා දෙන්නට රජයට කිසිදු බාධාවක් නොදකිමි..
….අන්තරාය….
අනෙත් කරුණ වන්නේ තවත් කාලයක් මේවා මෙලෙස ජනාවාසයෙන් තොරව, මුඩු ලෙසම තිබෙන්නට හැරියොත්, ඉඩ කඩම් සඳහා මනා ඉවක් සහ ගිජු බවක් ඇති “එක්තරා සුළු ජාතියකට” අයත් මුදලාලි වර්ගයා මේවා සෙමෙන්, සෙමෙන් ඩැහැ ගැනීමය..
දකුණේද සිංහලයාට පහසුවෙන් ලබා ගත හැකිව තිබූ බිම් කොටස්, ලක්දිව ඉංග්‍රීසි පාලන අවදියේම කුණු කොල්ලයට මිළට ගෙන අනතුරුව ඒවායේ මිල ගණන්, “ගිනි කපුරු” මෙන් ඉහළ දැම්මේ කවුරුන්දැයි ඔබ සැම දන්නවා ඇති..එහි ප්‍රතිඵලය වශයෙන් දැන් වෙළඳ ජාතියක් නොවන අපේ සිංහලයන්ට තමන්ටම කියා ගෙයක්, දොරක් සාදා ගැනීමට ඉඩමක් මිළට ගැනීම සිහිනයක් බවට පත්ව ඇත..පමා වුවහොත් උතුරට හා නැගෙනහිරට වන්නේත් ඒ ටිකම බව රජය වටහා ගත යුතුය..
එවිට සිංහලයන් එම පෙදෙස් වල යළි පදිංචි කරවීමේ වැඩසටහන සදහටම ඇහිරී යනු ඇත..මක්නිසාද, එවිට රජයට දැන් “නිකං” බෙදන්නට තිබෙන ඉඩම් ගන්නට වන්නේ මොවුන් ඉල්ලන අධික වන්දි හෝ මිල ගණන් ගෙවීමෙන් පසුවය..උදාගම් සඳහා දකුණේ ඉඩම් සෙවූ රණසිංහ ප්‍රේමදාස ජනපතිඳුන්ටද මුලදී මෙම ගැටළුවට මුහුණ දෙන්නට සිදුවිය…විශේෂයෙන්ම කතරගම වැනි පෙදෙස් වලද එවකට පාළුවට ගිය ඉඩම් ඩැහැ ගෙන සිටියෝ කවුරුන්දැයි එහිදී එතුමාට දැක ගත හැකි විය..
තවමත් තත්වය යහපත්ය…නැගෙනහිර පළාතේ ඉඩම් වලට වත් තවම ඒ බැල්ම තදින්ම වැටී නොමැති නිසා රජය ක්‍රියාත්මක විය යුතුය…”මෙව්වා රජය සතු දේපළ බැවින් ඒවා සුරක්ෂිතව තිබෙනවා නොවේදැයි” යමෙකු ඇසුවහොත් එයට දිය යුතු පිළිතුර වන්නේ “අතීතයේත් රජය සතුව පැවති දේපළ” වල සිදුවූ දෙය අප හොඳින් දන්නා බවය…
එහි යන සිංහල පවුල් සඳහා පූර්ණ ආරක්ෂාව දැනටමත් සැකසී ඇති බව එම පළාත් වල සංචාරය කරන අයෙකුට දැක ගත හැක..සැතපුමෙන් සැතපුමට, හන්දියෙන් හන්දියට අපේ නිළ ඇඳුම් ඇති දෙවියන් දැක ගත හැක…එලෙස පදිංචි කරවන පවුල් වලට යමෙකු හිරි හැර කරන්නට පෙළඹීමට සිතන්නටත් මත්තෙන් ඔවුන්ගේ ශරීරාවයවයන් තිබුණු තැන් වෙනස් කිරීමේ සන්ණද්ධ බලය ඒ නිලදරුවන් සතුව පවතී…එනිසා එහි යන්නට බිය විය යුතු නැත..
විරැකියාවටද මෙය කදිම විසඳුමක් වනු නොඅනුමානය..
….වාසි බොහෝය….
1.
සුළු ජාතික පවුල් එකට එකේ අනුපාතයෙන් සිංහල පවුල්ද සිටී නම් අනාගතයේ හෝ හොර රහසේ සන්නද්ධ කැරැල්ලක් සඳහා සංවිධානය වීමේ, කුමණ්ත්‍රණය කිරීමේ ඉඩකඩ ඔවුන්ට අහිමි වනු ඇත..එය එම පෙදෙස් වල කඳවුරු බැඳ සිටින ආරක්ෂක සේනාවන්ට මිළ කල නොහැකි සවියක් වේ..”මේ ගෙදර දෙමළ, අල්ලපු ගෙදර සිංහල, ඊටත් එහා ගෙදර මුස්ලිම්, ඊටත් එහා ගෙවල් දෙක සිංහල” ජන අනුපාතයෙන් සිටින්නේ නම්, එසේ කලවම් වූ ගහණ ඝණත්වයක් තුළ හැංගි, හැංගී වෙස් මුහුණු බඳින්නට ඉඩකඩක් නැත, හොර රහසේ රැස් වන විට දෙවරක් සිතා බලන්නට සිදුවනු ඇත..රැස්වීම් පවා පාලනය වනු ඇත…සුළු ජාතීන් අවුලවන්නට එන විදේශ කේවට්ටයන්ටද රිසි සේ හැසිරීමේ ඉඩකඩ අහිමිවී යනු ඇත.. 1978-1983 කාළ වකවානු තුළ මෙරට දමිළ සන්නද්ධ කල්ලි ගණනාවක් (LTTE,TELO,PLOTE,EPRLF) සාදන්නට ඔවුන් උත්තේජනය කල විදේශ කේවට්ටයන්ට එසේ කල හැකි වූයේ, මේවා ගැන ඇස ගසා ගෙන සිටින්නට කිසිවෙකුත් එම ජන සංයුතියේ නොවූ හෙයිනි…
2.
එමෙන්ම කල් යත්ම එම පලාත් වල, ඒ පවුල් අතරම උපදින සිංහල දූ දරුවන් යුධ හමුදා සේවයට බඳවා ගැනීමෙන්, එම පළාත්, එම මාර්ග, සහ සෙසු භෞමික ලක්ෂණ (Combat Terrain) අතැඹුල සේ දන්නා සේනාංක නිර්මාණය කර ගත හැකි වන්නේය..පසුගිය අවසන් සටනේ ඇතැම් අවස්ථාවලදී අපගේ රණවිරුවන්ට එල්.ටී.ටී.ඊ.යෙන් කැඩී ගිය කොටස් වල සහාය පැතීමට සිදුවූයේ මෙකී සංග්‍රාම භෞමිකය (Terrain of Battlefield) සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු නිසාය..ඉදින්, එම පළාත්වල කුඩා කල සිට හැදී වැඩෙන සිංහල දූ, පුතුන් හමුදාවලට එක් වන්නේ නම්, ඔවුන් ඒ හැම ගහක්, ගලක්ම හොඳින් හඳුනන බැවින් ඒ අවුලද අපටම ලිහා ගත හැකි වනු ඇත..එමෙන්ම හදිසි අවස්ථාවකදී හමුදා “විහිදුම් කාලය” (Deployment and Transit Period)අවම කළ හැක්කේ සෙබළ, සෙබළියන්ගේ ගම්, බිම්ද ඒ පලාත් වීම නිසාය.. තිස් වසරක් පුරා පැවති ඊළාම් යුද්ධයේදී අපේ හමුදාවලට වැඩි පිරිස් බලයක් දුන්නේ කුරුණෑගල, ගාල්ල, මාතර ආදී වූ යුධ භූමියෙන් බොහෝ දුර බැහැර රණවිරුවන් වීම නිසා ඒ අය රණ බිමෙහි ස්වකීය සේනාංක වෙත විහිදුවන්නට (Deployment) ඉමහත් පරිශ්‍රමයක් දරන්නටත්, දින ගණනක් මිඩංගු කරන්නටත් සිදුවිය..රත්මලාන සංක්‍රාන්තික (Transit Camp)කඳවුරේ සිට ගුවනින් පලාලියට හෝ අනුරාධපුරයට එසේ නැතිනම් මුහුදු මාර්ග ඔස්සේ ත්‍රිකුණාමලයට, කන්කසන්තුරේට ගෙන ගොස්, අනතුරුව තවත් වෙහෙස දරා ලොරි, බස් මඟින් කාණ්ඩයන් වෙත යැවීමද වේගයෙන් සිදු කළ යුතු මෙහෙයුම් සඳහා විශාල බාධාවක් වූවා පමණක් නොව ඒ උදෙසා අධික පිරිවැයක් දැරීමටද සිදු විය..මෙලෙස පදිංචි කරවන සිංහලයන් අතුරින් තව දශකයක පමණ සුළු කාලයක් යන්නට මත්තෙන් අවශ්‍ය තරම් සෙබළ බලයක් ලැබෙතොත්, ඔවුන් සිටින්නේ ඔවුන්ගේම ගම් බිම් වල නිසා ඇසිපිය ගසන සැණකින් සිය බළවලයන් වෙත යාමට ඔවුන්ට හැකිවනු ඇත…යුද්ධයක් යළි නො එතැයි සිතා සූදානමකින් තොරව සිටීම, පාරේ කිසිවෙකුත් නො එනු ඇතැයි සිතා නිරුවතින් පාරේ සිටීම හා සමානය.. එනිසා මෙවැනි පෙර සැකැසුම් වටී…
3.
දශක කිහිපයක් ගත වත්ම උතුරේත්, නැගෙනහිරත් සිංහල බලය සාධනීය ලෙස වර්ධනය වන විට, “ස්වයං තීරක අයිතිය”, “බලය බෙදා හැරීම”, “අන්තර්වාර පාලන”, “දේශපාලන විසඳුම්” වැනි රෝගාබාධ හා අතුරු ආබාධ ද ක්‍රමයෙන් සුවපත් වනු ඇත..එමෙන්ම එම ප්‍රදේශ වල ඡන්ද භාවිතයද ජාතික වශයෙන් “තනුක” වීම නිසා පාර්ලිමේන්තු නියෝජනයද වෙනස් මුහුණුවරක් ගනු නො අනුමානය…මෙය මෙසේත් විස්තර කළ හැක..දැන් ඔය ප්‍රදේශවලට “ස්වයං තීරණ බලතල”, “අන්තර්වාර පාලන”, “ෆෙඩරල් ක්‍රම”,”රට සභා, පලාත් සභා, පිට ගැස්ම සභා ආදිය” ඉල්ලා සිටින්නේ එම පෙදෙස්වල මැතිවරණයකින් ජය ගන්නා පක්ෂ නියෝජනය කරන ජන සංයුතිය නිසා නොවේද? උදාහරණ ලෙස: යාපනය, කිලිනොච්චිය, මඩකළපුව ආදී දිස්ත්‍රික්ක හැමවිටම පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ දමිළ දේශපාලන පක්ෂ මඟින්ය..ත්‍රිකුණාමලය නියෝජනය කරමින් මුස්ලිම් කොංග්‍රසය පැමිණේ…දකුණේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ට පෙරකී සුළු ජාඅතික පක්ෂ හා එක්ව මැතිවරණ වලට තරඟ නොකරන අවස්ථාවලදී අත් වන්නේ අන්ත පරාජයක් බව ඔබ දැක තිබෙනවා නොවේද? ශ්‍රිලනිපය, එජාපය බඳු පක්ෂ වලට එවිට ලැබෙන්නේ දෙවනි තැනත් නොව ඇතම් විට තුන් වැනි තැනය..ඔවුන්ගෙන් ඒ, ඒ දිස්ත්‍රික්කයන් සඳහා පත්වන මන්ත්‍රී වරුන් ගණනද වැඩිම වුවහොත් එක් අයෙක් හෝ දෙදෙනෙකි..( බාගදා ඒ මන්ත්‍රීවරයා හෝ වරියද සුළු ජාතික නියෝජනයකි.. ).මෙසේ වන්නේ ඇයි? මේ පළාත් වල සිටින්නෝ හැම විටම සිය කේවල් කිරීමේ බලය පතා ඡන්දය දෙන්නේ තම තමන්ගේ ජාතිකත්වය වැඩියෙන්ම නියෝජනය කරන, එම පෙදෙස් වල උපන් පක්ෂ වෙතය..එනිසා ප්‍රධාන දේශපාලන පක්ෂවලට ද එම පළාත් වලින් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු නියෝජනය ලබා ගැනීම සඳහා ඒ සුළුතර පක්ෂ හමුවේ දණින් වැටීමටත්, ඔවුන් ගේ “ස්වයං පාලන අයිතීන්” බඳු වෙනම රාජ්‍යයන් කරා දක්කන මගෝඩි නැටුම් බලා සිටින්නට සිදුව තිබේ…මෙම පළාත්වල සිංහල ජන සංයුතිය වැඩි වුවහොත් මෙම ගැටළුවට කදිම විසඳුමක් ලැබෙනවා නොවේද? අපේ ජනයා එවිට එම පළාත්වල සිට ප්‍රධාන දේශපාලන පක්ෂ වලට ඡන්දය දීම නිසා, එම පක්ෂ වලට ආසන මට්ටමෙන් ලැබෙන ඡන්ද ප්‍රතිශතය වැඩි වීම තුළින්, වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත හැක..එවිට යාපනයේ සිට මඩකළපුව දක්වා ශ්‍රිලනිපයටත්, කවදා හෝ එජාපයට සිංහල බෞද්ධ නායකත්වයක් ලැබෙන්නේ නම් එම පක්ෂයටත් වැඩි ආසන ප්‍රමාණයක් ලැබෙන්ටත්, ඇතැම් විට එම දිස්ත්‍රික්ක ජය ගන්නටත් ඉඩ සැකසෙනු ඇත…එවිට තත්වය මතු පිටින් දකින ලෝක ප්‍රජාවගේ “බලය බෙදීමේ” කං කෙඳිරියද නවතා ගත හැක..මක්නිසාද එවිට දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ “රටම දිනන බලවේග” වන නිසා, තවදුරටත් “ඔතැන බලයක් බෙදන්නට ඇවැසි” ලෙස ලොවට නොපෙනීමය…
4.
උතුරු නැගෙනහිර යනු සම්පත් ආකරයකි…කිලෝමීටර් 660කට අධික නිල්වන් සමුදුර මායිම් කරන තඹ පැහැ වෙරළ තීරයෙන් පටන් ගත් කල “පේසාලේ, පුල්මුඩේ” ඛණිජ අධික පොළව තෙක් ඇත්තේ රටක් සුර පුරයක් කළ හැකි සම්පත්ය..සංචාරකයෝ අපේ වෙරළ තීරයන් හරි හැටි හැඳින ගන්නා දිනය වැඩි ඈතක නැත..එවිට තායිලන්තයේ “ෆුකට්”, සිංගප්පූරුවේ “සෙන්තෝසා” දූපත් ඔවුන්ට අමතක වනු ඇත…එමඟින් අප රටට ලැබෙන ධනස්කන්ධය සුළු පටුද? මේ නව ආයෝජන වලින්, මේ සංචාරක විදේශ විනිමයන්ගෙන් අපට ලැබෙන ආදායමෙන් වැඩි කොටස යන්නේ “ඒ පළාත් වල පදිංචි කරුවන්ට” බව කිව මනාද? එසේ නම් ඒ පළාත් වල සුළු ජාතිකයන්ට පමණක් අයිතීන් තබා සිටින්නට ඉඩ හැරියහොත් තත්වය කෙබඳු වේද? සුළු ජාතීන් ධනවත් වීම යහපත් දෙයකි..එයට අපේ විරුද්ධත්වයක් නැත….එහෙත් සිංහලයාට රොඩ්ඩ පමණක් ඉතිරිවන රාමුවක ඔවුන් පමණක ධනවත් නොවිය යුතුය..එය අනිවාර්ය කරුණකි..එසේ නම් ඒ අනාගත ආයෝජනයන්ගෙන් එන ධන්ස්ක්න්ධය ඔවුන්ටම 100% අයත් වන්නට නොදී අපේ ජනතාවද බෙදා හදා ගැනීම අපේ අනාගත සෞඛ්‍යයට හිතකරය…ධනය මත බොහෝ දේ තීරණය වන බැවින් දිළිඳු සිංහල ජාතියක් හමුවේ ධනවත් සුළු ජාතීන් නැඟී සිටීමට බෙහෙවින්ම අන්තරායකර වේ…
එසේ නම් ජන නායකයිණි..අප්‍රමාදව කළ යුත්ත කරන්න…උතුරු කොණේ නඩරාජා මල්ලිලාට, සෙල්ලම්මා නංගිලාට පමණක් නොව සුමනසිරි මල්ලිලාට හා සෙනෙහෙලතා නංගිලාටත් හිනැහෙන්නට අවසර තිබෙන බව පසක් කර ගන්න..එය එලෙස වහාම සැකසිය යුතුය…මේ කලවම් කිරීමේ කාළයයි…